(මොරගොල්ලාගම සිසිර කැලේගම)
තම නාමයට අපහාස වෙන අන්දමින් මාළු විකුණන්නේ යැයි කියමින් නිවෙස් හිමියෙකු ජංගම රථයෙන් මාළු අලෙවි කරන්නෙකුට පහර දීමට තැත් කිරීමේ පුවතක් වයඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු නමින් පියදාසය.
මේ නිසා ගමේ කවුරුත් ඔහුට ආදරයට “පියා” යන නමින් ආමන්ත්‍රණය කළේය. ගමේ වැඩිහිටියන් “පියා පුතා, පියා මල්ලී කියා ද අනෙකුත් අය පියා අයියා, පියා මාමා යන නම්වලින් ද අමතන ලදී.
ඔහු එදින සවසත් පදමට වෙරි වී පාර දිගේ ගමන් කරමින් සිටින විට සුපුරුදු ලෙසට ප්‍රදේශයේ මාළු අලෙවි කරන රථය ද ශබ්ද විකාශනයක් මගින් ‘අංගුලුවා, සැමන්, බෝල්ලු, සාලයා, පියා මැස්සා ලාබයි ලාබයි’ යනුවෙන් ඔවුහු මාළු විකුණූහ.
ඈතින් එන රථය ළඟට ආ විගස ඔහු වහා පාර මැදට පැන එය නතර කළේය.
මහත්තයාට මොන මාළු ද ඕනෑ. අලෙවිකරු රථයෙන් බිමට බැස ඔහුගෙන් ඇසීය.
‘මාළු මට එපා. මගේ වැදගත් නමට අපහාස වෙන ලෙසට මගේ නම මාළුන්ට සමකොට මින් පස්සේ මෙහේ මාළු විකුණන්න එන්න බැහැ තේරුණා ද?’ ඔහු මාළු වෙළෙන්දාගේ බෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කළේය.
පිටස්තර ප්‍රදේශයකට පිවිසි මාළු වෙළෙන්දා ද කියන දේ තේරුම් ගැනීමට නොහැකිව බියට පත්ව ඉන් බේරී යාමට උත්සාහ කළේය.
මේ අතර ගමේ තරුණ පිරිසක් එතැනට පැමිණ දෙදෙනා දෙපසට කළේය.
පියා මාමට අපහාස වෙන ලෙසට පියාමැස්සා විකුණා ඇතැයි ඔවුහු උසුළු විසළු කරමින් කාරණාව පැහැදිලි කළහ.
ඒ අනුව කාරණාව තේරුම් ගත් මාළු වෙළෙන්දා ද සිනාසෙමින් සුපුරුදු ලෙසට මාළු අලෙවි කිරීම සඳහා නික්මුණේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නමට අපහාස කළැයි මා`ඵ වෙළෙන්දාට ගහන්න හදලා